ගිනිගත්හේන නගරයේ කඩ 7ක හිමිකරුවන් සහ සේවකයෝ ඉවතට | දිනමිණ

ගිනිගත්හේන නගරයේ කඩ 7ක හිමිකරුවන් සහ සේවකයෝ ඉවතට

අසේල කුරුළුවංශ

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ නාය යෑමේ අවදානමක් හේතුවෙන් ගිනිගත්හේන නගරයේ වෙළෙඳසල් හතක හිමිකරුවන් සහ සේවකයන් ඊයේ (13) දහවල් ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.

ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මුද්‍රණාලයකට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් එම මුද්‍රණාලය සහ පහත මහළේ වූ ඖෂධ වෙළෙඳ සලක සේවකයන් ඉවත් කිරීමට පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ කඳු ප්‍රදේශවල සිට පස් සමඟ විශාල ජල පහර පහළට ගලා එන බවත් මාර්ගය නාය යෑමේ අවදානමක් පවතින බැවින් මේ සමඟ එය සක්‍රීය වීමේ අවදානමක් පවතින බවත් කී ඒ මහතා එම මාර්ගයේ රථ වාහන ධාවනය නොකර විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


නව අදහස දක්වන්න