මඩුවල ප්‍රදේශයේ නිවෙසකට මහ ගසක් කඩා වැටී නිවස සම්පූර්ණයෙන් විනාශයි | දිනමිණ


 

මඩුවල ප්‍රදේශයේ නිවෙසකට මහ ගසක් කඩා වැටී නිවස සම්පූර්ණයෙන් විනාශයි

මුලටියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දෙයියන්දර, මඩුවල ප්‍රදේශයේ නිවෙසකට ඉකුත්දා (12) සවස 2.30ට පමණ විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීම හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැවති අධික වර්ෂාපතනය සහ දැඩි සුළං නිසා මේ විනාශය සිදු වී ඇති අතර, එම අවස්ථාවේ නිවසේ සිටි එක් අයෙකු සුළු තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් බව පවසන නිවෙස් හිමියෝ කියා සිටියේ නිවසේ තිබූ සියලු බඩුබාහිරාදිය ද මේ නිසා විනාශයට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කර ඇති බව පවසන ඔවුන්, නිවස යළි ඉදි කර ගැනීමට යම් සහනයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

තමරසිරි විජේසේකර - දෙයියන්දර සමූහ

නව අදහස දක්වන්න