ඇන්.ඇම්ගේ 40වන ගුණ සමරුවට උත්සව මාලාවක් | දිනමිණ

ඇන්.ඇම්ගේ 40වන ගුණ සමරුවට උත්සව මාලාවක්

අනුර ප්‍රේමලාල්

ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයේ පුරෝගාමි නයකයකුවු දිවංගත ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතාගේ 40 වන ගුණ සමරු උත්සව මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල්ද සොයිසා මහතා දන්වා සිටියි.

මේ සමරු උත්සවය වෙනුවෙන් ලංකා සමසමාජ පක්ෂය හා තුන්කෝරළයේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ අනුස්මරණ කමිටුව (14) සමරු වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. (14) දින පෙරවරු 9.30ට බොරැල්ල ආයුර්වේද මංසන්දියේ පිහිටි ඇන්.ඇම්. පිළිරුවට පුෂ්පෝපහාරයක් පැවැත්වේ. එදින උදේ 9.30ට රුවන්වැල්ල ඇන්.ඇම්.පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුවේ. එදින සවස 4.00ට ඇන්.ඇම්.පෙරේරා මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යටියන්තොට නගර මධ්‍යයේ පිහිටි ඒ මහතාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර පැවැත්වේ. ගුණ සමරු රැස්වීම (15) සවස2.30ට රුවන්වැල්ල අනුස්මරණ ශාලාවේදි. හිටපු නි.අමාතය වයි.ජි.පද්මසිරි මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ම.එ.පෙ.නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය, කනක හේරත් යන මහත්වරු හා ශ්‍රි ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩි. කලංසූරිය, උ.නැ.හිටපු මහා ඇමති වර්ධරාජා පෙරුමාල් යන මහත්වරු මේ අවස්ථාවට එක්වෙති.

මීට අමතරව (15),(16) දෙදින තුල ඇන්.ඇම්. මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනයක් රුවන්වැල්ලේදි ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ ශාලාවේදි පැවැත්වේ. (17) භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි පවත්වන දහවල් දානමය පිංකම ඇන්.එම ශාලාවේ පැවැත්වේ.


නව අදහස දක්වන්න