පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට ‍ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිලාභ ගැන දැනුමක් නෑ | දිනමිණ

පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට ‍ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිලාභ ගැන දැනුමක් නෑ

අනුර ප්‍රේමලාල්

ශ්‍රම වාසනා අරමුදලින් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදෙන සුබසාධන සේවා පිළිබඳ නිසි අවබෝධයක් දැනුමක් ඔවුන් සතුව නැතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(09) ශ්‍රම වාසනා අරමුදල් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති විවිධ අනතුරුවලට පත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදිමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීය.

මේ රටේ දියුණුවට සංවර්ධනයට දායකත්වය ලබාදෙමින් සිටිද්දි ඒ සේවකයින් හදිසියේ ආපදා තත්ත්වයකට පත්වෙලා ජීවිත අහිමි වුණාම එසේ නැත්නම් පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වුණාම ඒ අයට පවුල වෙනුවෙන් කලින් මෙන් සිය දායකත්වය ලබාදෙන්න හැකියාවක් නැහැ. එවැනි සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් තමයි මේ කටයුත්ත අද සිදුකෙරෙන්නේ. මේ ශිෂ්‍යත්වය වෙන තැනක දෙන එකක් නොවේ. මෙය ඉතා වැදගත් එකක්. කම්කරු අමත්‍යාංශයෙන් මෙවැනි කාර්යන් සිදුවෙන බොහෝ දෙනකුගේ දැනුවත් භාවයක් නැහැ. මේ අමත්‍යාංශය නිදහස ලැබෙන්නත් කලින් පැවැති පැරැණිම එකක් වුණාට ජනප්‍රිය ගණයේ නැහැ. මේ ගැන මාධ්‍ය මගින් හෝ ජනතාව දැනුවත් කිරීම වැදගත්.

මේ අහිංසක දරුවන් මේ ස්ථානය ගෙනාවේ අපේ සේවාදායකයෝ නැතත් ඒ අය වෙනුවෙන් එම වැඩ කොටස ඉටුකරන්න. එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් පනස් දහසක තැන්පතුවක් මෙහිදි ලබාදෙනවා. රුපියල් දසදහසක් වටිනා පොත් කට්ටලයක් දෙනවා. රුපියල් දෙදහසක් වටිනා පාවහන් ගන්න වවුචරයක් ලබාදෙනවා. අපි මේ සද්කාර්ය ඉටුකරන්නේ සතියකට වරක් දිනුම් අදින ‘ජාතික සම්පත‘ ලොතරැයියෙන් ලැබෙන යම් මුදල් ප්‍රතිශතයකින්ය සැදුම් ලත් අරමුදලකින්ය.

එමෙන්ම ජාතික සුරක්ෂිතතා සෞඛ්‍ය ආයතනය මගින් පවත්වන පාඨමාලාව සහභාගිවු සිසුන්ට සහතික පත් ප්‍රදානයකුත් අද සිදුවෙනවා. එහිදි වැඩකරන ජනතාවගේ නිරෝගිභාවය සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න යම්යම් කර්මාන්තවල සේවා කරද්දි සේවකයින්ට යම් යම් ලෙඩරෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. වැඩකරන කර්මාන්ත ශාලාවල ප්‍රමිතීන් පිළිබඳ ගැනත් සොයා බැලෙනවා. බංගලිදේශයේ ඇඟලුම් කම්හල් පිහිටි ගොඩනැඟිල්ලක් කඩාවැටිලා දහසක් එකතැන මැරුණා. ඒ නිසා එවැනි දේගැන අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා කර්මාන්ත ශාලාවක නිලධාරින් වගේම සේවකයිනුත් වැදගත් ඒ අය ගැන සෙවිය යුතුයි. එයපවත්වාගෙන යන ගොඩනැඟිල්ල ගැනත් සොයා බැලිය යුතුයි. එවැනි සේවා රැසක් ඉටුකරන මේ අමත්‍යාංශයේ එක් සේවාවක් තමයි අද සිදුකෙරෙන්නේ. මින් අපි රටට ආදර්ශයක් ලබා දෙනවා යම් ආයතනයක් සේවකයින් අසරණවුණාම යම් ශක්තියක් ලබාදෙන්න තිබෙන බව. මහාපොළ ශිෂ්‍යත්වය ලැබෙනවා වගේම පහේ ශිෂ්‍යත්වය ලබා දෙනවා.අ.පො.ස. සා.පෙළ සමත් අයට උසස් පෙළ විභගය ගැනීමට ශිෂ්‍යත්වයක් ලබාදෙනනවා.

ව්‍යසන අවස්ථාවලදී සේවා නියුක්තිකයන්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට මූල්‍යමය සහ වෙනත් ප්‍රතිලාභ සැපයීම යන අරමුණ යටතේ පසුගිය වසර පහ තුලා වැඩබිමේදි මියගිය හෝ පූරණ ආබාධිත තත්ත්වයට පත් වු සේවක සේවිකාවන්ගේ අධ්‍යාපනය ලබස දරුවන් පන්සීයකට ආසන්න දරු පිරිසකට මේවන විට ශිෂ්‍යත්ව ලබාදී තිබෙනවා.

ශ්‍රම වාසනා අරමුදල වසර විසි දෙකක් තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර අද දින කාණ්ඩ 03ක් යටතේ මේ ප්‍රතිලාභ සිදුකරනවා. වෘත්තීය ආරක්ෂණ පිළිබද දොරගුළු විවෘත කරමින් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝම පාඨමාලා හා ඊටත් ඉහල පාඨමාලාවන් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් සිදුකෙරෙනවා. මීට අමතරව අසරණතාවයට පත් සේවකයින්ට නීති ආධාර ලබාදීම, සේවක සේවිකාවන් දැනුවත් කිරීම, වෛද්‍ය සායන හා අක්ෂි වෛද්‍ය සායන පැවැත්වීම,උපදේශාත්මක වැඩසටහන් පැවැත්වීම,අඩුආදායම් ලාභි සේවක පවුල්වල දරුවන් සඳහා පාසැල් උපකරණ ලබාදීම, කෘතිම අත් පා ලබාදීම හා අඩුආදායම් ලාභි කාන්තාවන් හා පුද්ගලයින් සවිබල ගැන්වීමේ වැඩසටහන් පැවැත්වීම සිදුකෙරෙනවා. මේ අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශයේ ලේකම් ආර්. රාජපක්ෂ, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පිකා අමරසිංශ , ශ්‍රමවාසනා අරමුදලේ සාමන්‍යාධිකාරි ඩි.ආර්. ජයලත් ඇතුළු නිලධාරීන් එක්වූහ.

ඡායාරූපය- සුලෝචන ගමගේ


නව අදහස දක්වන්න