CIC නවීන තාක්ෂණයෙන් බිත්තර වී සහ පාරම්පරික දේශීය සහල් නිපදවයි | දිනමිණ

CIC නවීන තාක්ෂණයෙන් බිත්තර වී සහ පාරම්පරික දේශීය සහල් නිපදවයි

මෙරට බිත්තර වී නිෂ්පාදනයෙන් සියයට තිහක් රටට සපයන CIC සමාගම මේ වන විට ලෝකයේ අති නවීනතම තාක්ෂණික උපකරණ භාවිත කරමින් බිත්තර වී හා පාරම්පරික දේශීය සහල් නිපදවයි. හිඟුරක්ගොඩ පිහිටි මේ CIC ගොවිපොළ තුළ අක්කර 800ක් වී වගාව සඳහා යොදවා ඇත. කුඹුරු සී සෑම, නියර රැහීම, බීජ වැපිරීම, වල් නෙළීම, අස්වනු නෙළීම ඇතුළු සියලු කටයුතු සඳහා ලෝකයේ නවීනතම යන්ත්‍ර සූත්‍ර යෙදවීම හේතුවෙන් ප්‍රමිතියෙන් ඉහළ පිරිසිදු බිත්තර වී නිපදවීමට CIC සමාගමට හැකියාව ලැබී ඇත. නවීනතම සංයුක්ත කොළ මඩින යන්ත්‍රය මගින් දිනකට අක්කර 20ක වී අස්වනු නෙළීමට හැකි බව ගොවිපළේ විධායක නිලධාරී උපුල් ජයරත්න මහතා සඳහන් කළේය.

නියර රහින හා මඩ තියන යන්ත්‍රය මඟින් පැයකට කිලෝමීටර් (02) ක නියර සුද්ද පවිත්‍ර කර මඩ තැබීමට හැකියාව ඇත. මේ යන්ත්‍ර සූත්‍ර නිසා කම්කරු හිඟයට ද ස්ථිර විසඳුමක් ලැබී ඇති බව CIC ගොවිපොළ අංශයේ කළමනාකරු උපේන්ද්‍ර පෙරේරා මහතා සඳහන් කළේය. මේ කුඹුරු අක්කර 800 තුළ වී වර්ග 12ක් වගා කර ඇති අතර, නවීන බිත්තරවී නිෂ්පාදනාගාරයක් සහ සහල් සැකසුම් ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම බීජ අභිජනන මධ්‍යස්ථානය වන මෙහි කෙසෙල්, එළවළු, අඹ, මුදවපු කිරි හා යෝගට් නිෂ්පාදනය ද සිදු කරයි.

ඡායාරූප සුමනචන්ද්‍ර ආරියවංශ

 


නව අදහස දක්වන්න