එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට | දිනමිණ


 

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට

ආගමික හා විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝත්තුවරයා වන අහමඩ් ෂහීඩ් චාරිකාවක් සඳහා අද(15)ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
 
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මේ බව නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් හෙට සිට ලබන 25 දක්වා දිවයිනේ රැඳී සිටිමින්, විවිධ පාර්ශවයන් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතය.
 
එහිදී, ආගමික හා විශ්වාසයන් පිළිබඳ නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. අහමඩ් ෂහීඩ් මහතා දින 12ක සිය චාරිකාව අතරතුර, රජයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය සේවකයන්, ආගමික කණ්ඩායම් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද මුණ ගැසීමට අපේක්ෂිතය.

නව අදහස දක්වන්න