ඌව සරසවි සිසුවියකට බෝඩිමේ අංකල්ගෙන් ගුටිබැට | දිනමිණ

ඌව සරසවි සිසුවියකට බෝඩිමේ අංකල්ගෙන් ගුටිබැට

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ශීෂ්‍යාවකට ඇය නවාතැන් ගෙන සිටි නිවෙස් හිමියා පහරදුන් බව පවසමින් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. සිද්ධියෙන් රෝහල් ගත කර ඇත්තේ මෝදර ගිංතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක ශිෂ්‍යාවකි. සිසුවිය නවාතැන් ගෙන සිටින නවාතැන් පළේ හිමිකරු සමඟ ඇතිවූ මුදල් පිළිබද සිද්ධියක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇත.

පහරදීම සම්බන්ධයෙන් ශීෂයාව බදුල්ල පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධීය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂන පවත්වයි.

මීගහකිවුල සමූහ එන් නවරත්න

නව අදහස දක්වන්න