සිතුල්පව්වේදී ඇතෙක් පාර හරහා පැන බසයකට ගහලා | දිනමිණ

සිතුල්පව්වේදී ඇතෙක් පාර හරහා පැන බසයකට ගහලා

දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරීම සඳහා ගිය නඩයකට අතරමග සිටි ඇතකු ගෙන් බාදා එල්ල වීමේ පුවතක් නිකිණි පුන් පොහෝ දිනයේ වාර්තා විය.

බස් රථයෙන් ගමන් කරමින් සිටි මෙම පිරිස එක වැරම සිතුල්පව්ව පාරේ වනයේ රැක සිටි ඇතා පාර හරහා පැන බස්රථයට පහරදී තිබේ.

පසුව බස් රථය අඩි ගණනාවක් පිටුපසට තල්ලු කරගෙන ගොස් ඇත ඇතා ආහාර ඉල්ලා දැඩි අරගලයක නිරත වූ බව වන්දනා කරුවෝ පවසති. බස් රථය තුළට දොරෙන් බස් රථය තුළට හොඬය සහ දළ දෙක දැමූ මෙම ඇතා විශාල කාලයක් ආහාර දෙන තුරු එක ඉරියව්වෙන්ම සිටිමින් බස් රථයේ මඟීන් බියගන්වා ඇතැයි වන්දනා කරුවෝ කියති. රියදුරු සහ මඟීන් බස්රථයේ තිබුණු විවිධ ආහාර වර්ග ඇතාට ලබා දී දැඩි පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් සිතුල්පව්ව බලා ගමන් කිරීමට සිදු වූ බව ඔවුහු කියති .බස් රථයේ සිටි පිරිසක් මෙම අවස්ථාව ඡායාරූප සහ වීඩියෝගත කර ගෙන තිබිණි.

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න