රාගම රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු දෙදරු මව එක්තැන් වෙලා | දිනමිණ

රාගම රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු දෙදරු මව එක්තැන් වෙලා

රාගම රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු එක්තැන්ව සිටින තම බිරියට එසේ වූ හේතු කාරණා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සැමියකු බලධාරීන්ගෙන් ඉල්ලයි . ආණමඩුව පල්ලම ප්‍රදේශයේ පදිංචි නිලුකා ප්‍රියදර්ශනී නමැති දෙදරු මව මේවන විට සිහි කල්පනාවකින් තොරව ඇඳක වැතිර සිටී . ඇය මේ සිද්ධියට මුහුණ දෙන්නේ ඉකුත් වසරේ ජනවාරි 31 වැනි දිනයි .

තිස්පස් හැවිරිදි නිලුකා ප්‍රියදර්ශනී මහත්මිය හලාවත මහා රෝහලට ඇතුළත් වන්නේ බඩේ අමාරුවක් හේතුවෙනි . හලාවත මහා රෝහලේ වෛද්‍යවරු විසින් නිලුකා මහත්මිය පරීක්ෂා කර බලා, පිත්තාශයේ ගල් ඇති හෙයින් වහාම රාගම රෝහල වෙත මාරු කර යැවිය යුතු බව පවසන අතර එදිනම ඇය හලාවත මහා රෝහලේ ගිලන් රියකින් රාගම රෝහල වෙත මාරු කර යවයි . නිලුකා රාගම රෝහලට ඒමට ගිලන් රථය වෙත එන්නේද දෙපයින් ඇවිදයි .නිලුකාගේ ඉරණම් කතාව ආරම්භ වන්නේ රාගම රෝහල වෙත පැමිණ පිත්තාශයේ ගල් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් පසුයි . තම දියණිය ශල්‍යකර්මයට ලක්කරන අවස්ථාව වන විටත් බරපතළ තත්වයේ නොසිටි බව ඇනී මාග්‍රට් මහත්මිය පැවසුවාය .

මගේ ලොකු දුව මාත් එක්ක කතා කරලා තමයි ශල්‍යගාරයට ගියේ . එයාට ලොකු අමාරුවක් තිබුණේ නැහැ . අපිට කිවේ කැමරාවක් දාලා බලනවා කියලා විතරයි . ශල්‍යගාරයෙන් එලියට එද්දී කිසිම කැපුමක් බඩේ තිබුණේ නැහැ . හැබැයි මෙයාව කෙලින්ම අරන් ගියේ දැඩි සත්කාර ඒකකයටයි . ඒ වෙද්දී මෙයාට ඔක්සිජන් ලබා දෙන්නවත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ .එහෙන් මෙහෙන් අටවගෙන ඔක්සිජන් දීලා දැඩි සත්කාර ඒකකයට ගෙනියද්දි මම පස්සෙන් ගියා .මම ඇහුවා මොකද කියලා නමුත් ඒ අය මට පිළිතුරක් දුන්නේ නැහැ .

නිලුකා ප්‍රියදර්ශනී මහත්මිය රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා තිබේ . ඒ කාලය තුළ තම බිරියගේ රෝගී තත්වය පිලිබඳව වෛද්‍යවරුන්ගෙන් කෙතරම් විමසීම් කළත් තමනට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බව නිමල් සුගත්සිරි මහතා පැවසීය .

අපිට දොස්තරලා කිව්වේ අද හොඳ වෙයි .හෙට හොඳ වෙයි කියලා .පැහැදිලි පිළිතුරක් ,ලෙඩේ මොකද්ද කියලා වත් කිව්වේ නැහැ . මාස දෙකකට පස්සේ තුනේ වාට්ටුවට දැම්මා .

ඒ දැම්මේ උගුරේ බටේ අයින් කරන්න කියලයි. ඒ වාට්ටුවේ හෙදියන් කිසිම සැලකිල්ලක් මගේ නෝනාට දැක්වුයේ නැහැ .මට අම්මා කීවා එක දවසක් එළිවෙනකම්ම නෝනා කෑ මොර දුන්නට හෙදියන් සත පහකට ගණන් අරගෙන නැහැ කියලා . ඒ වගේම් තමයි ඒ අයට ඕනෑ වුණා ඉක්මනට මගේ නෝනව රෝගී තත්වයෙන්ම ගෙදර යවන්න . අන්තිමට සති තුනකට පස්සේ මගේ නෝනව පුනරුත්ථාපනයට තල්ලු කළා . එතැනදී නැවත අමාරු වෙලා රාගම රෝහලේ 16 වාට්ටුවට ඇතුළු කළා . ඒ වෙද්දී තත්වය භයානක වූ නිසා නැවත දැඩි සත්කාර ඒකකයට දැම්මා . එතන දින අටක් තියලා නැවත 16 වාට්ටුවට දැම්මා .ඊට දින කීපයකට පස්සේ නැවතත් පුනුරුත්තාපනයට දැම්මා .

වසරකුත් මාස අටක කාලයක් මේ පවුලේ සාමාජිකයන් නිලුකා මහත්මිය ගොඩගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරා තිබේ.

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න