Fashion Bug වසර 25ක දිගු ගමන සමරයි | දිනමිණ

Fashion Bug වසර 25ක දිගු ගමන සමරයි

ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ උසස් තත්ත්වයේ විලාසිතා, නිමි ඇඳුම් හා ඒ ආශ්‍රිත උපාංග සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Fashion Bug වෙළඳ පොළ අභියෝග ජය ගනිමින් ශක්තිමත් වෙළෙඳ නාමයක් ලෙස වසර 25ක් පුරා පැමිණි දිගු ගමන සමරයි.

1994 වසරේ කුඩා අලෙවි සැලකින් විලාසිතා ක්ෂේත්‍රයට පිවිසි Fashion Bug ආයතනය මේ වන විට දිවයින පුරා ශාඛා 15ක් හරහා සිය ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන අතර, 800කට අධික සේවක පිරිසකට හා 2000කට අධික සැපයුම්කරුවන් ප්‍රමාණයකට සෘජුව හා වක්‍රව රැකියා අවස්ථා සලසා දී ඇත.

එක් මිලක් සහිත ටැග් ක්‍රමය ශ්‍රී ලංකා විලාසිතා ක්ෂේත්‍රයට හඳුන්වා දුන් එම ආයතනය දිනෙන් දින වෙනස් වන විලාසිතාවන් කෙරෙහි අවධානය යොමු කරමින් නව්‍යකරණයට හා පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙන කීර්තිමත් වෙළෙඳ නාමයක් ලෙස පාරිභෝගිකයන්ගේ ප්‍රසාදයට ලක්ව ඇත.

නව අදහස දක්වන්න