ජනපති අපේක්ෂකයා සජිත් නම් අගමැති රනිල් | දිනමිණ

ජනපති අපේක්ෂකයා සජිත් නම් අගමැති රනිල්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වෙනවා නම් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට පත් කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (15) ගාල්ල, මීපාවල පැවති මාධ්‍ය හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

එක්සත් ජාතික පක්ෂයේ කිසිම අර්බුදයක් නෑ. මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක් සමහර වෙලාවට සජිත් මහතා වටා එකතු වෙලා යම් යම් කටයුතු කරනවා. සමහර අයට තමන්ගේ ආසනයවත් දිනා ගන්න බෑ. අපිට ඉදිරි අවුරුදු ගාණත් යන්න වෙන්නේ මේ කණ්ඩායම එක්ක. අපි පක්ෂයක් ලෙස එකමුතුව ඉන්න ඕන. අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාත් මේ ජයග්‍රහණයේ ඉන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහතාත් ජයග්‍රහණයේ ඉන්න ඕන. මේ දෙන්නම එකට ඉන්න වැඩපිළිවෙළකට අපි යන්න ඕන.

සමහරු හදනවා රනිල් වික්‍රමසිංහ මහතා පැත්තකට දාලා කටයුතු කරන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔය බැරි වු සෑම වෙලේම මේ ආණ්ඩුව උපක්‍රමශීලීව හදලා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර සියලු අභියෝග ජය ගත් කෙනෙක්. නාය යෑම්, ගංවතුර, සාගතය, ත්‍රස්තවාදී ප්‍රහාරය, දින 52 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය ආදී මේ සියලු දෙයින් ආණ්ඩුව ගලවා ගැනීමට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන සජිත් ප්‍රේමදාස මහතා. අගමැති සහ පක්ෂ නායකත්වයේ ඉන්න ඕන රනිල් වික්‍රමසිංහ මහතා.

ඕන කෙනකුට වැඩේ කරගන්න කියලා අපි පැත්තකට වෙලා ඉන්නවා. කාටත් අමතකයි මන්ත්‍රීකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම්, කැබිනට් ඇමැතිකම් නැතිව ගෙදර ගිය වෙලාවේ දින 52 ගත කළ ආකාරය. ඒවා දැන් සමහරුන්ට මතක නෑ.

ගාල්ල උතුර සමුහ දික්වැල්ලේ තිලකරත්න

නව අදහස දක්වන්න