අද තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව | දිනමිණ

අද තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය නොමිලේ නැරඹීමට කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව උදා කර දී ඇති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

එම අයතනය පැවසුවේ, තණකොළ සහිත පේ‍්‍රක්ෂකාගාරය මෙලෙස කී‍්‍රඩා ලෝලීන් සඳහා අද විවෘත කෙරෙන බවයි.

ඊයේ තරගය නිමා වනවිට ලකුණු 268 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියේය.

 

නව අදහස දක්වන්න