මංගල උත්සවයක පිපිරුමක් - 63ක් මරුට | දිනමිණ

මංගල උත්සවයක පිපිරුමක් - 63ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.
 
මංගලෝත්සවයක කටයුතු සිදුවෙමින් පැවතියදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුව ඇත.

කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.
 
තමා මෙම ප්‍රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.

 

නව අදහස දක්වන්න