තානාපතිවරියන් 02ක් කොමසාරිස්වරියක් අක්ත පත්‍ර දෙති | දිනමිණ


 

තානාපතිවරියන් 02ක් කොමසාරිස්වරියක් අක්ත පත්‍ර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද අක්ත පත්‍ර භාරදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරියන් මෙලෙස පත් කර ඇති බවයි.

ට්‍රීන් එස්කඩෙල් නෝර්වේ තානාපතිනිය ලෙස පත් කර ඇත.

මහ බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ, සාරා හල්ටන් මහත්මියයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම රටවල් ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට නව තානාපතිවරියන් කැපවනු ඇතැයි ජනාධිපතිතුමා එහිදී විශ්වාසය පළ කල බවයි.

නව අදහස දක්වන්න