අකිලගේ සහ කේන්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනාවක් | දිනමිණ

අකිලගේ සහ කේන්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනාවක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කර ඇත.
 
මේ අනුව දින 14 ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතුය. 
 
නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සැක මතු වන බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කර තිබුනි.
 

නව අදහස දක්වන්න