මරණ දඬුවමට එරෙහි පෙත්සම් 03ක් ප්‍රතික්ෂේපයි | දිනමිණ


 

මරණ දඬුවමට එරෙහි පෙත්සම් 03ක් ප්‍රතික්ෂේපයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03 ප්‍රතික්ෂේප කර තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින්, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර තිබුණි.

යම් කෙටුම්පතක් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින අනුකූලතාවය ගැන මතයක් ප්‍රකාශ කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ.

 

නව අදහස දක්වන්න