පැය 24 කදී බීමත් රියදුරන් 125ක් අත්අඩංගුවට | දිනමිණ

පැය 24 කදී බීමත් රියදුරන් 125ක් අත්අඩංගුවට

පැය 24 ක කාලයක් තුළදී බීමත් රියදුන් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
ඒ ඊයේ (19) පෙරවරු 06.00 සිට අද(20) පෙරවරු 06.00 දක්වා කාලයේදී ය. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ජුලි පස්වනදාය.
 
එදින සිට මේ දක්වා කාලයේදී බීමත් රියදුරන් 9524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
 

නව අදහස දක්වන්න