තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට දීමේ දී පොලිසියේ 02ක් මාට්ටු | දිනමිණ

තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට දීමේ දී පොලිසියේ 02ක් මාට්ටු

මොරටුව මුලස්ථාන පොලිසියට අනුයුක්තව එහි උපසේවා රාජකාරි සදහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට ලබාදීමේ දී හසුව තිබේ.  
 
මෙම සැකකාර නිලධාරීන් දෙදෙනා විසින් කලක සිට මෙම ක්‍රියාව සිදු කර ඇති බවට මේවනවිට අණාවරණය වි ඇත. මොවුන් මෙලෙස මුදල් රැගෙන ලබාදෙන ලද තාවකාලික රියදුරු බලපත්‍රයක් ඊයේ(20) සවස් කාලයේදී රථ වාහන අංශයේ ස්ථානාධිපති විසින් සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදි පැමිණ යතුරු පැදියක් පරික්ෂා කිරිමේදි එහිදි ඉදිරිපත් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රය පිලිබදව සැකසිති සිදු කළ විමර්ශණයක දී මේ බව අණාවරනය වී ඇත.  
 
ඉන්පසුව මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එක් නිලධාරියෙකුගේ ඇදුම් ලොකරය පරික්ෂා කිරිමේදි තවත් තාවකාලික රියදුරු බලපත්‍ර 11 පමණ තිබි සොයාගෙන ඇතැයි සදහන් වේ. 
 
මෙම නිලධාරීන් දෙදෙනා අද(21) මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. ඔවුන් දෙදෙනාට සොරකමට හා අල්ලස් ලබා ගැනිම, රජයේ මුදල් වංචා කිරිම යන චෝදනා යටතේ නඩු පවරා ඇත. 
 
මෙම නිලධාරීන් දෙදෙනා පොලිස් දෙපාර්තුමේන්තුවේ වසර 27ක් හා 24ක පමණ සේවය කර ඇති නිලධාරීන් දෙදෙනෙකි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදුකරනු ලබන අතර නිලධාරීන් දෙදෙනා වැඩ තහනමට ලක් කිරිමට නියමිතව ඇත.

නව අදහස දක්වන්න