ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට | දිනමිණ

ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට

 බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී ඊයේ (20) උදෑසන 06.00 සිට අද (21) උදෑසන 6.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 168ක් අත්අඩංගුවට ගෙන ඇත.
 
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය මස 05 වන දින සිට ආරම්භ කළේය.
 
මෙම කාලය තුළ බීමත් රියදුරන් 9692 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

නව අදහස දක්වන්න