10,000 කට තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් | දිනමිණ

10,000 කට තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක්

(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂන අංශයේ නියුතු තරුණ තරුණියන් 10,000ක් සඳහා ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි  කිරීම,සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුනු හා නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිවී තිබේ.
 
මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂ නැඹුරුතාවක් දක්වන තරුණ තරුණියන් 10,000ක් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබා දීමත් ,ඔවුන්ගෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෝජනා ලබාගෙන එය ඇගැයීමකට ලක් කිරීමෙන් අනතුරුව සාර්ථක අයදුම්කරුවන් 3000ක් තෝරාගෙන ඔවුන්ට ලැප්ටොප් පරිගණක අන්තර්ජාල සබඳතා ,අවශ්‍ය අනෙකුත් උපකරණ සහ මූල්‍යමය පහසුකම් ලබා දීමත් මේ යටතේ සිදු කෙරෙනු ඇත.
 
මෙම ව්‍යාපෘතිය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධණ අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.  

නව අදහස දක්වන්න