ඉතාලි අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | දිනමිණ

ඉතාලි අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති ජුසෙපේ කොන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
 
ඔහු ධුරයෙන් ඪයේ(20) ඉවත්ව ඇත්තේ සිය සමීප හිතවාදියෙක් මෙන්ම දේශපාලන සඟයෙක් වූ ඉතාලි ජනාධිපති මතෙයෝ සැල්වීනිගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති නිර්ධය ලෙස විවේචනය කරමින්ය.
 
ධූරයෙන් අස්වූ කොන්ටේ පවසන්නේ සිය පෞද්ගලික හා පක්ෂ දේශපාලනය කරපින්නා ගනිමින් වගකීම් විරහිතව කටයුතු කර ඉතාලිය දේශපාලන අර්බුදයක් දක්වා කැදවාගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු බවයි.
 
එහිදී ජනාධිපතිවරයා වගකීම් විරහිතව කටයුතු කළ බවත් ඔහු පෙන්වා දී තිබේ.
 
අගමැති කොන්ටේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුගියදා ජනාධිපති සැල්වීනි පසුගියදා කටයුතු කළ අතර, පාලක සන්ධානයේ දැඩි බෙදීමක් හටගත්තේ ඉන් පසුවයි.
 

නව අදහස දක්වන්න