ජාතික ශිල්ප සභාවට ප්‍රණාමය | දිනමිණ

ජාතික ශිල්ප සභාවට ප්‍රණාමය

ගමෙහි පැවැත්වෙන පිරිත් පුන්‍ය කටයුතුවල දී පිරිත් මණ්ඩප, සංස්කෘතික උත්සව, පිළිගැනීමේ උත්සව, උතුරු මැද පළාත් සභාවේ පැවැත්වෙන සංස්කෘතික උත්සව වැනි අවස්ථාවල දී ගොක්කොළ භාවිතයෙන් අවශ්‍ය කලාවන් සිදු කරනවා. පියා මෙම කටයුතු වල නියැළෙන විටදී මමත් ඒවට සහභාගී වෙනවා. එම අත්දැකීම්වලින් තමයි මට මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට හැකි වුණේ .

මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙන්න. ඒ වුණත් මම මෙම කලා කටයුතුවලින් ඈත් වෙන්නෙ නැහැ. මම ජාතික තලයට රැගෙන ආවේ ජාතික ශිල්ප සභාවයි. එම ආයතනයටත් ඒ වගේම මගේ ගුරුතුමා, විදුහල්පති තුමා, මගේ මවුපියන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ හැම දෙනාටම මගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිනවා. "

2018 වසරේ ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගයෙන් වැඩිම නිර්මාණ ජාතික තලයට ඉදිරිපත් කළ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගිරිතලේ මහ විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිර්මාල් ශශික ඉන්ද්‍රජිත් සිසුවා ගොක්කොළ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් පාසලට ශිල්ප කලා විෂයට වුවමනා භාණ්ඩ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදල් හා තමන්ට හිමි මුදල් තෑගිත් සහතිකත් ලබා ගැනීමෙන් පසුව ද මේ සිසුවා මේ බව ප්‍රකාශ කළේ ය . ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ජාතික ශිල්ප සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව වාර්ෂික වැඩ සටහනක් ලෙස පවත්වයි. මේ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනවඅවතැන් වූ පුදගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ නායකත්වයත් අගය කළ යුතුය.

මතු පරපුරට මෙම කලා ශිල්ප ආරක්ෂා කර රැගෙන යාමට හොඳම තෝතැන්න පාසල බවත්, දරුවන් තුල සැඟවුනු නිර්මාණශීලී හැකියාවන් එලි දැක්වීමටත්, තම රටේ අභිමානය දැන ගැනීමටත්, එමගින් පාසල් පද්ධතියට මෙම කලා ශිල්ප හඳුනාගෙන තම ආත්ම අභිමානයෙන් යුතුව ඒවා පිළිගෙන ඉදිරියට රැගෙන යාමටත් ව්ය වසායකත්ව සංකල්ප ගැන හඳුනා ගෙන එයින් ගත හැකි අනාගත වටිනාකම කුමක් ද යන කරුණු ගැන අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරන ළුලදායී වැඩ සටහනක් බව මෙම වැඩ සටහනේ නිර්මාතෘවරිය ලෙස කටයුතු කරන ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමිය වන හේෂානි සතිෂ් බෝගොල්ලාගම මැතිනියගේ අදහසයි.

මෙම වැඩ සටහන මෙවර ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. මෙම වර්ෂයේ අගෝස්තු 25ත් සැප්තැම්බර් 5ත් අතර කාලයේ දී පාසල් අතර පළාත් තරග පවත්වා අවසන් කරයි. සමස්ත ලංකා තරගය සැප්තැම්බර 10 හා 11 දිනවල දී පැවැත්වේ. මේ සඳහා පාසල් සිසු සිසුවියන්ට අංශ 21ක් යටතේ ඉදිරිපත් විය හැකිය. ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ වශයෙන් අංශ දෙකකින් මෙම තරඟය පැවැත්වේ. ජාතික තරගයේ දී ජයග්‍රහණය කරන පාසල් සිසුවියන්ට අංශ දෙකෙන් ම පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා පාසල් දරුවන්ට සහතික පත් සමග මුදල් තෑගි ද වැඩිම නිර්මාණ ඉදිරිපත් කරන පාසලට රුපියල් ලක්ෂයක මුදලක් ශිල්ප කලා විෂයට අදාළ භාණ්ඩ ලබා ගැනීමට පිරිනැමේ. ජ්යෙපෂ්ඨ අංශයෙන් ප්‍රථම , දෙවන, තෙවන ස්ථාන සඳහා පිලිවෙළින් රු. 25,000/= ක්, රු. 15,000/= ක් සහ රු. 10,000/= ක් ලෙස පිරිනැමෙන අතර කණිෂ්ඨ අංශයෙන් ප්‍රථම , දෙවන, සහ තෙවන ස්ථාන සඳහා රු. 15,000/= ක්, රු. 10,000/= ක් 5,000/= ලෙස මුදල් ත්‍යාග පිරිනැමේ. ජේෂ්ඨ සහ කණිෂ්ඨ කුසලතා ලබා ගන්නා සිසුන් හට සහතික පමණක් පිරිනැමේ. පාසල් දරුවන් ජයග්‍රහණය කරන මෙම නිර්මාණ සියල්ල 2019 ශිල්ප අභිමානී ජනාධිපති හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය පැවැත්වෙන ඔක්තෝබර් 3 සිට 6 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහජනතාවට දැක බලා ගැනීමට ප්‍රදර්ශනය කෙරේ.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරගය සඳහා 2019 අගෝස්තු 25 දිනට පෙර ජාතික ශිල්ප සභාව නිර්දේශ කර ඇති අයදුම් පත්‍රය පුරවා නිර්මාණ සඳහා පාසලේ විදුහල්පතිතුමා‍ගේ නිර්දේශය සමග තමන් අයත් කලාප කාර්යාලයේ අදාළ නිලධාරීන් වෙත භාර දිය හැකිය. අනතුරුව ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් එම නිර්මාණ පළාත් තරගයට ඉදිරිපත් කිරීමට භාර ගෙන රැගෙන යයි.

රටේ අනාගතය වන පාසල් දරුවන් මූලික කර ගනිමින් රටේ අනන්‍යතාවය , අභිමානය, අපේ කම ආරක්ෂා කර ගැනීමට මෙම ශිල්ප නවෝදා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය අරුතක් කර ගන්නා ලෙස පසක් කර සිටිමු.

බී.එන්. උදයකුමාර 
ජාතික ශිල්ප සභාව

නව අදහස දක්වන්න