කංජිපානි ඉම්රාන්ට වසර 06ක සිරදඬුවමක් | දිනමිණ

කංජිපානි ඉම්රාන්ට වසර 06ක සිරදඬුවමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් ලබා දුන්නේ ය.

ඒ විනිසුරු ගිහාන් කුලතුංගගේ නියෝගයකට අනුවයි.

2013 සැප්තැම්බර් 18 මාලිගාවත්තේදී ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රැම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් කංජිපානි ඉම්රාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා කියා සිටියේ , තම සේවා දායකය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි.

ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06 ක බරපතළ වැඩසහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

 

නව අදහස දක්වන්න