මල්වාන - දොම්පේ මාර්ගය ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත ලෙස නම් කරයි | දිනමිණ

මල්වාන - දොම්පේ මාර්ගය ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත ලෙස නම් කරයි

1987 සිට 1991 දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලෙස කටයුතු කළ මෙරට 11 වැනි යුධ හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ 89 වැනි ජන්මදිනය වෙනුවෙන් මල්වාන, දොම්පේ ප්‍රධාන මාර්ගය ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත ලෙස නම් කිරීම පෙරේදා (24) සිදුවිය.

එහිදී හැමිල්ටන් වනසිංහ මහතා හා නව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මාර්ගයේ නාමපුවරුව නිරාවරණය කළ අයුරු.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න, බ්‍රිගේඩියර් සංජය වනසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය- සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ සමූහ

 

නව අදහස දක්වන්න