හුම්මානයට යන පාර හදන්නේ කවදාද? | දිනමිණ

හුම්මානයට යන පාර හදන්නේ කවදාද?

තංගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට හුම්මානය පත්වී ඇත දිනපතා හුම්මානය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කර රුපියල් ලක්ෂ ගණනින් ආදායම ලැබුවත් හුම්මානයට යන මාර්ගය තංගල්ල ප්‍රාදේශීය සභාව මගින් සංවර්ධනය කර නැත.

මාර්ගයේ එක් ස්ථානයක් ජලයෙන් යටවී තිබේ.එම ස්ථානය පසුකර යෑමට සංචාරකයන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ.හුම්මානය අයත් වන්නේ තංගල්ල ප්‍රා දේශීය සභාවටයි එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ ගණනින් හුම්මානය මගින් ආදායම උපයනු ලැබුවත් අබලන් වී ඇති මාර්ගය පිළිසකර කිරීමට මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නැත.හුම්මානය පිහිටි කුඩාවැල්ල ප්‍ර දේශයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරයකු ද පත්වී ඇතත් එතුමාගේ අවධානයද මේ කෙරෙහි යොමු වී ඇති බවක් නොපෙනේ.

මේ පිළිබදව තංගල්ල ප්‍රා දේශීය සභාවේ සභාපති ලාලිත ආර් වනිගසේකර මහතාගෙන් අප කළ විමසුමක දී ඒමහතා මෙසේ කීය. මෙම මාර්ගයේ ජලයෙන් යටවන කොටසේ දෙපැත්තේ අනවසර තාප්ප දෙකක් තියෙනවා ජලය රැඳී තිබීමට එය එක් හේතුවක් දෙපැත්තේ සිටින නිවෙස් හිමියන් මාර්ගය සංවර්ධනය කිරීමට අවශ්‍ය ඉඩම් දෙන්නේ නැහැ ඒ කෙසේ වෙතත් මාර්ගය සංවර්ධනය කිරීමට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා රුපියල් ලක්ෂ දහසයක මුදලක් ලබා දී තිබෙනවා එම මුදල් යොදවා මාර්ගයේ අබලන් කොටස උස් කොට කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සටහන හා ඡායාරූපය -
දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ 

නව අදහස දක්වන්න