රැඳවියන් සරසන ' ලලිත සිරි සර ' | දිනමිණ


 

රැඳවියන් සරසන ' ලලිත සිරි සර '

බන්ධනාගාරවල නේවාසික රැඳවියන්ගේ කලා කුසලතා එළිදැක්වෙන ප්‍රසංගයක් 'ලලිත සිරි සර' නමින් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

නේවාසක සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක මෙම ප්‍රසංගය සඳහා සිරකරුවන් 100කට අධික ප්‍රමාණයක් සිය කලා කුසලතා ඉදිරිපත් කරයි.

ගායනය, වාදනය, නර්තනය, නාට්‍ය හා තාල වාදන අංශයන්ගෙන් මෙම සිරකරුවන් සිය හැකියාවන් ඉදරිපත් කරන අතර, මේ ප්‍රසංගය සඳහා සහභාගි වන කාන්තා රැඳවියන් සංඛ්‍යාව 12කි.

එම කාන්තා රැඳවියන්ගෙන් තිදෙනකු තායිලන්ත ජාතිකයන් වන අතර, තවත් එක් කාන්තාවක් චෙක් ජනරාජයට අයත් ය.

ලලිත සිරි සර' ලබන මස 08 දා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට නියමිත අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, සම්භාවනීය ආරාධිතයන් ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියන් ඇතුළු කලාකරුවන් රැසක් ද සහභාගි වීමට නියමිත ය.

නව අදහස දක්වන්න