ඝාතන කුමන්ත්‍රණයක් නැහැ - පොලිස් ප්‍රකාශක | දිනමිණ

ඝාතන කුමන්ත්‍රණයක් නැහැ - පොලිස් ප්‍රකාශක

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සූදානමක් පැවැති බවට පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිකුත් කළ නිවේදනයක ඒ බව සදහන්.

අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

 

නව අදහස දක්වන්න