අභාවයන් | දිනමිණ

අභාවයන්

නිව්ටන් පෙරේරා මහතා - නැසීගිය මර්ලින් (විවාහයට පෙර තිසේරා) යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නැසීගිය නිර්මලී,​ චන්ද්‍රිකා,​ නියෝමල් (හිටපු නියෝජ්‍ය ඇමති) සහ රුවනි යන අයගේ ආදරණීය පියාණන් වූද,​ නැසීගිය කොන්සි,​ නැසීගිය ලිලී,​ නැසීගිය පැරිස්,​ නැසීගිය සිල්වේරියස් සහ නැසීගිය එස්තර් යන අයගේ සොහොයුරා වූද,​ නැසීගිය රෙජී,​ බැසිලිකා,​ නැසීගිය බීඩ්,​ ක්වින්ටස් සහ වෛද්‍ය වෝල්ටර් යන අයගේ මස්සිනා වූද,​ නිව්ටන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. දේහය පමුණුගම,​ “රදැල්ල” නිවසේ තැන්පත් කොට ඇත. දේහය සැප්තැම්බර් 01 වෙනි ඉරුදින ප.ව. 3.00 ට පිටත්වී ආගමික පිළිවෙත් සඳහා පමුණුගම ශාන්ත ජෝශප් දෙව්මැදුර වෙත ගෙන ගොස් ඉන් අනතුරුව පමුණුගම රෝමානු කතෝලික සුසාන භූමියේ දී මිහිදන් කෙරේ.
086688

සල්ගාදු මහතා - මහාචාර්‍ය්‍ය එම්. එස්. එල්. (ලක්‍ෂ්මන්),​ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී,​ කොළඹ - නැසීගිය චින්තාමණි (විවාහයට පෙර ගුණසේකර) යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ ක්‍රිෂාන්ත් සහ ෂමාලි යන අයගේ දයාබර පියාණන් වූද,​ නැසීගිය වෛද්‍ය එම්.ආර්.පී. (රන්ජි) සහ වෛද්‍ය එම්.ආර්.අයි (රාජා) යන අයගේ සොහොයුරා වූද,​ මහාචාර්‍ය්‍ය එම්. එස්. එල්. (ලක්‍ෂ්මන්) සල්ගාදු මහතා අභාවප්‍රාප්ත විය. ආදාහනය සැප්තැම්බර් 1 වන ඉරිදා ප.ව. 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. (පැරණි ආදාහනාගාරය) අවමංගල පෙරහැර සැප්. 01 වන ඉරිදා ප.ව. 3.00 ට කොළඹ 4 මෙල්බර්න් ඇවනිව් නො.5 නිවසින් පිටත්වේ. මල්වඩම් අනවශ්‍යයි. පිළිකා රෝහලේ ළමා ශල්‍ය අරමුදලට පරිත්‍යාග සිදුකළ හැකිය.
086671

 

නව අදහස දක්වන්න