නෙත්තිකුමාර විදේශ ගත වීම ඉල්ලා අස්කර ගනී | දිනමිණ

නෙත්තිකුමාර විදේශ ගත වීම ඉල්ලා අස්කර ගනී

බැදුම්කර කොමිෂන් සභාව හමුවේදී අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව  සාක්ෂි ලබා දුන් අනීකා විජේසූරිය නැමැත්තියගේ සොහොයුරාට මරණීය තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර නැමැත්තා විදේශ ගත වීමට කරන ලද ඉල්ලීම අද (02) ඉල්ලා අස්කර ගෙන තිබේ.

සැප්තැම්බර් මස ඩුබායිහි පැවැත්වෙන විදුලි බලශක්ති සම්බන්ධයෙන් ලෝක සමුළුවකට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙසටත් ඔහු මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේ මහජන සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙසට කටයුතු කරන බවත් ශනිල් නෙත්තිකුමාර මීට පෙර මෝෂමක් මගින් දැනුම් දුන්නේය.

කෙසේවෙතත් මෙම ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කළ අතර අධිචෝදනා ලබා ඇති පුද්ගලයකු රජයේ තනතුරක් දරන්නේ කෙසේදැයි ප්‍රශ්න කල අතර තම පියා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බැවින් විදේශ ගත වීමක් සිදු නොකරන බව ශනිල් නෙත්තිකුමාර දැනුම් දී ඇතැයි සදහන්.

මෙම නඩුව සැප්තැම්බර් මස 09 වැනි දා යළි කැඳවීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ශනිල් නෙත්තිකුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණි.

 

නව අදහස දක්වන්න