රෝගී වූ ධීව­ර­යාට නාවික හමු­දා­වෙන් මුහුද මැද­දීම ප්‍රති­කාර | දිනමිණ

රෝගී වූ ධීව­ර­යාට නාවික හමු­දා­වෙන් මුහුද මැද­දීම ප්‍රති­කාර

 බහුදින යාත්‍රාවකින් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් මුහුද මැදදී රෝගීවු ධීවරයකුට මුහුදුදේදීම ප්‍රතිකාර කොට සුවපත් කළ බව නාවික හමුදාව පවසයි. දකුණු නාවික ප්‍රදේශයට අයත් මුහුදේදී ලිතුලි 2 නැමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයකු රෝගීව සිටින බවට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම්දී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ නාවික හමුදාවට අයත් පරාක්‍රමබාහු නෞකාව එම බහුදින යාත්‍රාව අසලට ගොස් අසනීපව සිටි ධීවර කාර්මිකයා නෞකාවට ගෙන එහි සිටි වෛද්‍යවරයා සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගියාට ප්‍රතිකාර කොට සුවපත්වූ පසු ධීවර කාර්මිකයා නැවත බහුදින යාත්‍රාවට භාර දුන් බවද නාවික හමුදාව පැවසීය.

සටහන සහ ඡායාරූපය-දකුණු පළාත් සංචාරක එස් .දීයගහගේ

 

නව අදහස දක්වන්න