කැවින්කෙයාර් Indica Easy නැවතත් ශ්‍රී ලංකාවේ | දිනමිණ

කැවින්කෙයාර් Indica Easy නැවතත් ශ්‍රී ලංකාවේ

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික නිෂ්පාදන FCMG සමාගම් අතරින් එකක් වන කැවින්කෙයාර් (CavinKare) සිය හිසකෙස් වර්ණක සන්නාමය වන Indica Easy සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ කළේය. ඒ අනුව හොරණ නිදහස් වෙළෙඳ කලාපයේ විවෘත කරන ලද අති නවීන කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ Indica Easy හිසකෙස් වර්ණක ෂැම්පූ පෙළ නැවත ශ්‍රී ලාංකික වෙළෙඳපොළට පිවිස ඇත.

ආනයනිත නිෂ්පාදනයක් ලෙසින් පළමුවෙන්ම මෙරට වෙළෙඳපොළට පිවිසි Indica Easy ඉතා කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්වූ අතර දේශීය වශයෙන් නිෂ්පාදන කාර්යයන් ඇරඹීම තුළින් ඉදිරියේදී අසමසම වර්ධනයක් කරා යාම කැවින්කෙයාර් අභිප්‍රායයි. මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් කැවින්කෙයාර්හි ජාත්‍යන්තර නිෂ්පාදන අංශ ප්‍රධානී ශ්‍රීවාත්සන් ක්‍රිෂ්ණමූර්ති මහතා මෙසේ පැවසූවේය.

“ශ්‍රී ලංකාවේ Indica Easy නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කිරීමට හැකිවීමත්, එමඟින් අපගේ පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන ලබා දීමටත්, රටෙහි ආර්ථිකයට දායකත්වයක් ලබාදීමටත් හැකි වීම අතිශය සතුටට කරුණක්.

Chik ෂැම්පූ, Nyle සහ Fairever වැනි උසස් තත්ත්වයේ සුපතළ නිෂ්පාදන සමගින් කැවින්කෙයාර් මේ වන විට ශ්‍රී ලාංකික වෙළෙඳපොළෙහි හොඳින් ස්ථාපිත සමාගමක්. ඒ හා සමාන උසස් ගුණාත්මකබවින් වගේම සෞඛ්‍යාරක්ෂිත බව සහතික කරවමින් “Indica Easy” මේ විදිහට ඔබ වෙත පැමිණෙනවා.

නව අදහස දක්වන්න