කුකුළු ගොවිපළක් මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරය වටලයි | දිනමිණ

කුකුළු ගොවිපළක් මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරය වටලයි

වෙන්නප්පුව බොරලොරලැස්ස ප්‍රදේශයේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වැටලීමට පුත්තලම නියෝජ්‍ය පො‍ලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් ඒකකයේ නිලධාරීහු සමත්වූහ. ගෝඩා අඩංගු බැරල් 14 ක් , කසිප්පු බෝතල් 50 ක්, තඹ දඟර 02 ක්, ගෑස් ලිප් 02 ක් ඇතුළු කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් සහ එක් සැකකරුවකු මෙහිදී අත්අඩංගුවටට ගෙන තිබේ.

පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන 57004 ගංගොඩ , 31740 සරත් පොලිස් කොස්තාපල්වරුන් වන 33694 ඒකනායක ,72005 සම්පත් , 77 296 මධුශංක ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට පත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සටහන සහ ඡායාරූප-මාරවිල සමූහ මිහිර විජේසේකර 

නව අදහස දක්වන්න