අදත් වැසි වාර කිහිපයක් | දිනමිණ

අදත් වැසි වාර කිහිපයක්

අදත්(03) වැසි වාර කිහිපයක් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලින් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැවැති හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.
 
උතූරු පළාත තුළ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යනු ඇත. 
 
මේ අතර අද දහවල් 12.11ට හිරු  මුදුන්ව පවතින්නේ ජාඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොඩ, අඹන්බොරුව සහ කොටගොඩ යන ප්‍රදේශයවලට ඉතා ආසන්නව බව කාලගුණ නිවේදනයේ සදහන් වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම්  සහිත වැසි අපේක්ෂා කෙරේ. 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න