මහජනතාවගේ සුරක්ෂාව වෙනුවෙන් වෙහෙසෙන ප්‍රධාන ආයතනය පොලීසියයි | දිනමිණ

මහජනතාවගේ සුරක්ෂාව වෙනුවෙන් වෙහෙසෙන ප්‍රධාන ආයතනය පොලීසියයි

විජයානි එදිරිසිංහ

වැ.බ. පොලිස්පති චන්දන වික්‍රමරත්න සංවත්සරයේ දී කියයි

ශ්‍රි ලංකා පොලීසියේ 153 වැනි සංවත්සරය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3දා) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේදි චාම් ලෙස පැවැත්විණි.

පැය භාගයක් පමණ වු ඉතාමත් කෙටි කාලයක් තුළ පැවැති මෙම සැමරුම් උත්සවයට පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටි අතර වැඩ බලන පොලිස්පතිවරයා පිළි ගැනීමෙන් පසු ඒ මහතා ජාතික පොලිස් දින සැමරුම වෙනුවෙන් පොලිස් නිළධාරීන් අමතා ඉතාමත් කෙටි කතාවක් කරමින් කියා සිටියේ අද ශ්‍රි ලංකා පොලීසියේ එකසිය පනස් තුන්වැනි ඉතිහාසය ඉතාමත් අභිමානනිය අයුරින් සමරනු ලබනවා.

අප රටේ පැවැති යුදමය වාතාවරණය තුළදී පමණක් නොව ඉන් පසුවත් ජීවිත පරිත්‍යාග කරමින්, මහජනතාවගේ සුරක්ෂාව වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන ප්‍රධානම ආයතනය ශ්‍රි ලංකා පොලීසිය

බව මෙහිදී සිහිපත් කරන්නේ අභිමානයෙන් යුතුවයි. දිවා රාත්‍රි අව්ව වැස්ස නොතකමින් රාජකාරියේ නියුක්තව සිටින පොලිස් නිළධරයින්ගේ නොයෙකුත් සුබසාධන අවශ්‍යතාවයන් සපුරාලමින් නිදහස් මානසිකත්වයකින් යුතුව රාජකාරී කිරීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට ශ්‍රි ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා, නිලධරයන්ගේ සුබ සාධනය වෙනුවෙන් තවත් කටයුතු රැසක් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. එමෙන්ම පොලිස් නිළධරයින්ගේ කුසලතා වැඩි දියුණු කරමින් වෟත්තීමය භාවය ඔප් නැංවීම සදහා පුහුණු පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පහසුකම්ද පුළුල් කර තිබෙන බව මේ අවස්ථාවේදි ප්‍රකාශකළ යුතුයි. ශ්‍රි ලංකා පොලීසියේ අභිමානය ආරක්ෂ කර ගනිමින් මහජනතාව වෙත විශ්වාසනීය වු ගෞරවාන්විත සේවාවක් සැපයීමෙන් 153 වන පොලිස් දින අභිමානනීය ලෙස සැමරීමට අප සියලු දෙනාට අද හැකිවී තිබෙනවා .

ඡායාරූපය- ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න