පොලිස් දිනය සමරා කප්රුක් පූජාවක් | දිනමිණ

පොලිස් දිනය සමරා කප්රුක් පූජාවක්

153 වැනි පොලිස් දිනය නිමිත්තෙන්, පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පවත්වනුලබන කප්රුක් පූජාව පසුගියදා (03) අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිඳුන් අභියසසිට විචිත්‍රවත් පෙරහරකින් රුවන්වැලිසෑ චෛත්‍ය වෙත පිළිගැන්වීමට පොලිස් නිලධාරීන් විසින් රැගෙනගිය අයුරු. මෙම කප්රුක් පූජාවට දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස නියෝජනය කරමින් පොලිස් නිලධාරින් සහභාගිවු අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( උතුරුමැද වයඹ පාළාතභාර) නන්දන මුනසිංහ , නියෝජ්‍ය පොලිස්පති ( අනුරාධපුර, පොළොන්නරුව භාර) එල්.පි.එස්. පි. සඳුන්ගහාවත්ත , නියොජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නියොජ්‍ය පොලිස්පති ඩි.ආර්.එල්. රණවිර (ලේකම් පොලිස් බෞද්ධ සංගමය , මහනුවර, මාතලේ දිසාව) නියොජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ , (ගාල්ල දිසාව) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි , මුලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ, අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.

ඡායාරුප - ගලෙන්බිදුණුවැව සමුහ - ජයන්ත වාසුලසේන

 

නව අදහස දක්වන්න