මාලදිවයින්- සිංගප්පූරු විදේශ කටයුතු ඇමැතිවරු අගමැති රනිල් සමඟ සාකච්ඡා | දිනමිණ

මාලදිවයින්- සිංගප්පූරු විදේශ කටයුතු ඇමැතිවරු අගමැති රනිල් සමඟ සාකච්ඡා

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරයේ දී මාලදිවයින් විදේශ කටයුතු පිළිබඳ අැමැති අබ්දුල්ලා ෂහීඩ් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු පිළිබඳ අැමැති විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්වරු හමු වී සාකච්ඡා පැවැත් වූහ.

මාලදිවයින් විදේශ කටයුතු අැමැති අබ්දුල්ලා ෂහීඩ් මහතා සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා පසුගිය 2 වැනි දා එරට කුරුම්බා දිවයිනේ, සංචාරක නිකේතනයක දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු විදේශ කටයුතු අැමැති විවියන් බාලක්‍රිෂ්ණන් මහතා අතර සාකච්ඡා පැවැත් වූයේ පසුගිය 3 වැනි දා එරට “පැරඩයිස් අයිලන්ඩ්හි” ආරම්භ වූ ඉන්දීය සාගර සමුළුව අතර වාරයේදීය.

මෙම සාකච්ඡාවන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අැමැති වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අැමැති රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අැමැති දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අැමැති අනෝමා ගමගේ, අගමැති ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අගමැති විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න