පාලන මිල ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් | දිනමිණ

පාලන මිල ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම්

පාලන මිල ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
 
ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දමා ඇත්තේ තම අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස බව එම අධිකාරිය අවධාරණය කරයි.
 
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල අද (06) සිට රුපියල් පහයි ශත පනහකින් ඉහළ නංවන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබේ. ඊට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් දෙකකින් ඉහළ නංවන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
 
මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල  ඉහළ නැංවීමට එරෙහිව පියවර ගන්නා ලෙස පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය එම අධිකාරියෙන් ඉල්ලා සිටි. 2016 ජූලි මස 14 වනදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කර තිබෙන තිරිගු පිටි මිල වැඩි කිරීමට නම් ඒ සදහා පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබා ගත යුතුවේ. 

නව අදහස දක්වන්න