සේනා වැනසු බදුල්ලේ බඩඉරිඟු වගාවට දසලක්ෂ 21ක වන්දි | දිනමිණ

සේනා වැනසු බදුල්ලේ බඩඉරිඟු වගාවට දසලක්ෂ 21ක වන්දි

බදුල්ල දිස්ත්‍රික්කයේ සේනා දළඹු උවදුර නිසා 100% ක්ම හානි වු බඩ ඉරිගු වගා හිමි ගොවීන් 380ක් සදහා රුපියල් මිලියන 21ක වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලයය පෙන්වා දෙයි. ඊට අමතරව සේනා දළඹු උවදුර මර්දනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ අවධානය යොමු කර ඇති බව සදහන් කරණ එම දෙපාර්තමේන්තුව,පළාත් කෘෂි කර්ම දෙපාර්තමේනතුව හරහාද සේනා දළඹු මර්දනයත් සමග නව වගා සැලැස්මක්ද මේ වන විට ඉදිරිපත් කොට ඇති බවද කියා සිටී. එහිදී පළාත් කෘෂි කර්ම දොර්තමේනතුව පෙන්වා දෙන්නේ දිස්ත්‍රික් කෘෂි කර්ම දෙපාර්මේන්තුව තෝරා ගෙන ඇති වර්ෂයක එක් කන්නයකදී පමණක් බඩ ඉරිගු වගා කිරීමේ ක්‍රියාවලියට අමතරව වැසි ලැබෙන මහ කන්නයේදීද බඩ ඉරිගු වගාවට ගොවීන් යොමු කිරීම වඩාත් යෝග්‍ය වන බවත්, එසේ සදහන් කිරීමට පාදක වී ඇත්තේ ඉඩ ඉරිගු සදහා තවමත් හොද වෙළෙද පොළක් පැවැතීම, වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම හා නඩත්තු කිරීමේ පහසුව ආදි කරුණු නිසා බවත්ය.

මේ වැඩ පිළිවෙළ ඉදිරියට සාර්ථකව ගෙන යාමට ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරුන් මගින් නිරතුරතුරුවම වගා බිම් පරීක්ෂා කිරීම හා ගන්නොරුව කෘෂි පර්යේෂණ ආයතනය හා නිරන්තර සහ සම්බන්ධතාවන් ඇති කර ගනිමින් සේනා දළඹු මර්දනයට යෝග්‍ය විලෝපිත සත්වයෙකු හදුනාදීම කඩිනමින් කළ යුතූව ඇති බව මේ පිළිබද කරුණු පැහැදිලි කරමින් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.එම්.ඩී.අතපත්තු මහත්මිය පැවැසුවාය.

පස්සර සමුහ උබයරත්න වනසිංහ

නව අදහස දක්වන්න