තරුණයන්ගේ දක්ෂතා ජාතික තලයට ඔසවා තැබීම අප සභාවේ මූලික අරමුණයි | දිනමිණ

තරුණයන්ගේ දක්ෂතා ජාතික තලයට ඔසවා තැබීම අප සභාවේ මූලික අරමුණයි

යෞවන සමාජ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ උසස් විනය ගරුක තරුණයන් බිහි කිරීම සහ තරුණයන්ගේ විවිධ දක්ෂතා ජාතික තලයට ඔසවා තැබීම බව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ චන්න විකුම් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (30) රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය. තව දුරටත් අදහස් දැක් වූ චන්න විකුම් මහතාමෙසේ ද කීය.

ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ පිහිටුවා මේ වර්ෂයට වර්ෂ 40ක් සම්පූර්ණයි. ගෙවුණු වසර 40 දෙස හැරී බලන විට ගම්බද තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් සෑම ක්ෂේත්‍රයකින්ම ඉතා ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එම කාලයේ තරුණ සේවා සභාවෙන් බිහි වූ විශිෂ්ඨයින් ඇගයීමට ලක් කිරීමට මා යෝජනා කළා. ඒ අනුව පළාත් මට්ටමෙන් ඇයීමේ උත්සවය මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සැප්තැම්බර් 26 දා පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ රෙජිනෝල්ඩ් රණසිංහ මහතා

තරුණයන් වෙනුවෙන් මෙරට ඇති ඇති ප්‍රමුඛ ආයතනය ජාතික තරුණ සේවා සභාව. එයින් වඩාත්ම වැදගත් වන්නේ යෞවන සමාජ ව්‍යාපෘතිය. එමඟින් උසස් සහ විනය ගරුක තරුණයන් බිහි කිරීම අපේ පරමාර්ථය. දෙවනුව ක්‍රීඩාවට ප්‍රධාන තැනක් දී තිබෙනවා. ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමේ සිට දිස්ත්‍රික්, පළාත් සහ ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන ඒමත් එක් පරමාර්ථයක්. කෙටි නාට්‍ය උළෙල තරුණ කඳවුරු ඇතුළු ව්‍යාපෘති රාශියක් ද තරුණ තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අප ක්‍රියාත්මක කරනවා.

මැදකොළඹ විශේෂ සහ රාවතාවත්ත විශේෂ 
ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න