වත්මන් රජය රටට වැඩ කළ නිසා ඇල්පි‍ටිය ඡන්දය ජයග්‍රහණය ඉතා පහසුයි | දිනමිණ

වත්මන් රජය රටට වැඩ කළ නිසා ඇල්පි‍ටිය ඡන්දය ජයග්‍රහණය ඉතා පහසුයි

වත්මන් රජය රටට වැඩ කර තිබෙන නිසා ඇල්පි‍ටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා කීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (05) පේරාදෙණිය, ගන්නෝරුව ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවති කෘෂිකර්ම සමුළුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

ආණ්ඩුව රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. එම විශ්වාසය ජනතාව තුළ හොඳින් පවතින නිසා ඇල්පිටිය ඡන්ද ජයග්‍රහණය කිරීම අපහසු කාර්යයක් නොවේ. එක්සත් ජාතික පක්ෂය විනයගරුක පක්ෂයක්. යම් යම් අය පක්ෂයට හානි කර ප්‍රකාශ කරනවා. ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.

එස්. කේ. සමරනායක

නව අදහස දක්වන්න