153 වැනි පොලිස් දින සැම­රුම මාතර උය­න්වත්තේ දී | දිනමිණ

153 වැනි පොලිස් දින සැම­රුම මාතර උය­න්වත්තේ දී

නීතිය හා සාමය රකිමින් රාජ්‍ය හා පෞද්ගලික දේපළ ආරක්ෂා කිරිමට 1866 සැත්තැම්බර් 3 වන දින පොලිස් නිලධාරින් 585 ක පිරිසකගෙන් සමන්විතව පිහිටුවන ලද ශ්‍රිලංකා පොලිසිය මේ වන විට නිලධාරින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක සංචිතකයකින් යුක්තව 153 වන පොලිස් දිනය ඉතාමත් අභිමානවත් අයුරින් සමරනු ලබයි .

මේ අනුව දකුණු පළාත් සැමරුම් උත්සවය මාතර උයන්වත් පාපන්දු ක්‍රිඩා පිටියේදී මාතර හම්බන්තොට නියොජ්‍ය පොලිස්පති ඊ . එම්. යු. විජිත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පොලිස් නිලධාරින්ගේ සම්මාන පෙළපාලිය පරික්ෂා කළ අතර , මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒල්.කේ.ඩි. අනිල් කුමාර. සහකාර පොලිස් අධිකාරි බුද්ධික විජේසුන්දර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වි සිටියහ.

සටහන සහ ඡායාරුපය- මාතර සමුහ ඩබ්ලිව්. පි .ධර්මසේන.

 

නව අදහස දක්වන්න