සේවා විශි­ෂ්ටත්වයට රිදී සම්මා­නය | දිනමිණ

සේවා විශි­ෂ්ටත්වයට රිදී සම්මා­නය

කතා­නා­යක කරු ජය­සූ­රිය මහතා අතින් එම ආය­ත­නයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ එම් ආර් එම් ආබ්ඩීන් මහතා රිදී සම්මා­නය ලබා ගත් අව­ස්ථාවa

 

ජාතික කර්මාන්ත මණ්ඩලයේ මෙහෙයවීමෙන් 18 වැනි වරටත් පවත්වන ලද 2019 CNCI සම්මාන උළෙලේදී අති විශාල කාණ්ඩය යටතේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමනු ලබන රිදී සම්මානය සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයට හිමි විය. කොළඹ ගලදාරී හෝටලයේදි පැවති එම සම්මාන උළෙලේදී සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එම්. ආර් එම්. ආබ්ඩීන් මහතා කතානායක කරු ජයසූරිය මහතා අතින් එම රිදී සම්මානය ලබා ගත්තේය. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිමල් ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධීකාරිවරුන් කළමනාකාර මහත්ම මහත්මීන් සහ වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

ඡායාරූප - රවිදු ලසිත දීයගහගේ - අහංගම සමුහ

නව අදහස දක්වන්න