නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් රජය – අගමැති | දිනමිණ

නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් රජය – අගමැති

 නිදහස් ලංකාවේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන් කලේ වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
 
මාස දෙකක් තුළ පාසල් ගොඩනැගිලි 900 ක් ඉදිකර ඇතැයි හෙතෙම සදහන් කළේය. 
 
අධ්‍යාපන අමාත්‍යංශයේ ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉදිකෙරුනු පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීමේ සමාරම්භක අවස්ථාව ලෙස කහතුඩුව වෙනිවැල්කොල ශිෂ්‍යයෝදාන අධ්‍යාපන ආයතනය සිසු අයිතියට පවරමින් අග්‍රාමාත්‍යවරයා අස(09) මෙම අදහස් පළ කළේය.
 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් වත්මන් රජය යටතේ අධ්‍යාපනයට දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට හැකිවු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවැසීය. පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා එය අනුමත කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
 
මෙම ගොඩනැගිලි ඉදිකිරීම සදහා සිදු කර ඇති මුල්‍ය ආයෝජනය රුපියල් කෝටි දහසකි. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබා දෙමින් ග්‍රාමීය පාසල් අංගසම්පුර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරිම සදහා 2016 දී ළගම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. දිවයින පුරා පාසල් 9064 ක ව්‍යාපෘති දහඅට දහසක් ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ. සමස්ත මුල්‍ය ආයෝජනය රුපියල් කෝටි 6500 කි.

නව අදහස දක්වන්න