තරුණ සේවා-රූපවාහිනී වොලිබෝල් පිරිමි ශුරතාව යුද හමුදා ක්‍රීඩකයෝ දිනති | දිනමිණ

තරුණ සේවා-රූපවාහිනී වොලිබෝල් පිරිමි ශුරතාව යුද හමුදා ක්‍රීඩකයෝ දිනති

කාන්තා ශූරතාව නාවික හමුදාවට

තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් සුපර්ලීග් පිරිමි ශූරතාව තියුණු තරගයකින් පසුව යුද හමුදා පිල දිනාගත් අතර කාන්තා ශූරතාව නාවික හමුදාවට හිමිවිය.

සුපර්ලීග් පිරිමි තරගයේ තරග වට 3-2 (26/28,25/16, 22/25,25/19,18/16) කින් ගුවන් හමුදා පිලට එරෙහිව ජය ලැබීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. කාන්තා අවසන් මහා තරගයේ දී තරග වට, 3-1 ( 25/15, 25/19, 24/26, 25/16 ) කින් ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කළ නාවික හමුදා කණ්ඩායම විසින් ශුරතාව හිමි කර ගන්නා ලදි.

ඒ අනුව තරග දෙඅංශයෙන්ම අනුශූරතා ගුවන් හමුදාවට හිමිවිය. යෞවන සමාජ තරුණ තරුණියන් සඳහා පැවති අභියෝග ශූරතාව තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයේ දී හම්බන්තොට පුබුදු විජයබා යෞවන සමාජ කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 ( 25/16, 25/09, 25/19) ක් ලෙසින් ජය වාර්තා කළ පුත්තලම රතනපාල යෞවන සමාජ කණ්ඩායමට හිමි විය.

මෙහි පිරිමි අවසන් මහා තරගයේ ශූරතාව තරග වට 3-1(26/25, 21/25,25/16, 25/23 ) කින් ගම්පහ දිලෙන තරු යෞවන සමාජ කණ්ඩායම පරාජය කළ කෑගල්ල රන් තරු යෞවන සමාජ කණ්ඩායමට හිමි විය.

සුපර්ලීග් ශුරතා කාන්තා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නාවික හමුදා කණ්ඩායමේ කවීෂා ලක්ෂානී පෙරේරා ද, පිරිමි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් යුද හමුදා කණ්ඩායමේ කේ.එස් ලක්‍ෂාන් කැළණියගේ ද සම්මාන දිනාගත්හ. අභියෝග ශුරතා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් පුත්තලම රතනපාල කණ්ඩායමේ ඒ.එස් සෙව්මිණි සම්මාන ලබද්දී දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කෑගල්ල රන්තරු යෞවන සමාජ කණ්ඩායමේ එන්.ආර් සචින්ත රවිශාන් තේරී පත්විය.

නව අදහස දක්වන්න