මන්නාරම කුංජිකුලම එල්ලෙන පාලම අවට ප්‍රදේශයට යළි පණ දෙමුද? | දිනමිණ

මන්නාරම කුංජිකුලම එල්ලෙන පාලම අවට ප්‍රදේශයට යළි පණ දෙමුද?

මන්නාරම කුංජිකුලමේ පිහිටි එල්ලෙන පාලම පිහිටි ප්‍රදේශය උතුරු පළාත් සභාව විසින් සංචාරක කලාපයක් බවට පත් කරණ ලද නමුත් එම ව්‍යාපෘතිය නිසි ලෙස පවත්වා ගෙන නොයෑම නිසා මේ වන විට එම ප්‍රදේශයම වල් බිහි වී තිබේ. එල්ලෙන පාලමේ තැනින් තැන යට කොටස් ගැලවී ගොස් විශාල හිදැස් සෑදී ඇති අතර එය විශාල අනතුරක සේයාවක් බවට පත්ව තිබේ. මේ ස්ථානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට විවේක ගැනීම සදහා රුපියල් එක්කෝටී විසි ලක්ෂයක වියදමකින් සංචාරක බංගලාවක් ඉදිකොට ඇතත් එය ඉබි යතුරු දමා වසා දමා තිබීම නිසා එහි පැමිණෙන පිරිසට පානීය ජලය හෝ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා ගැනීමට පවා නොහැකි වී තිබේ. මේ ස්ථානය පිරිසුදු කොට දේශීය හා විදේශීය සංචාරකයන්ට ආකර්ෂණීය ස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස මුරුන්කන් ප්‍රාදේශීය සභාවෙන් කුංජිකුලම ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරීන් අවස්ථා කීපයක්ම ඉල්ලා ඇතත් මේ දක්වාම ප්‍රාදේශීය සභාවේ අවධානය එම කරුණ වෙත යොමු වී නොමැත.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න