ඝාතනයක් සිදු කරන්න කඩු-පොලු අරන් යද්දී මාට්ටු | දිනමිණ

ඝාතනයක් සිදු කරන්න කඩු-පොලු අරන් යද්දී මාට්ටු

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම සදහා කඩු දෙකක්, යකඩ පොල්ලක්, අඩක දැති සවිකළ යකඩ හෙල්ලක් ත්‍රිරෝද රථයකින් රැගෙන යද්දි අත්අඩංගුවට පත් තිදෙනෙකු ලබන සැප්තැම්බර් 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය උප්පුවේලි පොලිසියට නියම කළාය. මෙසේ බන්ධනාගාර ගත වුයේ ත්‍රිකුණාමලය , කප්පල්තුරෙයි පදිංචි සුබ්‍රමනියම් සසි කුමාර්, ත්‍රිකුණාමලය , මාංගුත්තු පදිංචි පද්මනාදන් ලොජිදන් හා චිනවරාය නාච්චිකුඩා පදිංචි අෂ්රොප් මොහොම්මදු හාපීර් යන අයයි.අත්අඩංගුවට ගත් සැකකරුත් අතර සිටි අයෙකුගේ පියෙකුට පහරදුන් පුද්ගලයෙකු ඝාතනය කිරිමට මේ සැකකරුවන් ත්‍රිරෝද රථයකින් යන බවට ලද තොරතුරු අනුව උප පොලිස් පරික්ෂක එච්.එම්.එස්.ආර්.කේ.හේරත් සැරයන් (58949) ප්‍රියන්ත කොස්තාපල් වරුන් වන (48105)ප්‍රනාන්දු, (66694) ගයාන් යන නිලධාරින් ත්‍රිරෝද රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය අධිකරණය හමුවේ පැවැසිය. ඝාතනය කළ යුතු පුද්ගලයා යතුරු පැදියකින් තෝරන්කාඩු ප්‍රදේශයේ යමින් සිටියදි, මේ සැකකරුවන්ද ඔහු පසුපස හඹා යද්දි පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට සිටින බවත් පොලිසිය අධිකරණයට දැන්විය.

උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චතුරංග චන්ද්‍රසිරි මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම් .ගුණානන්ද

ඡායාරූපය -ත්‍රි/මලය විශේෂ

නව අදහස දක්වන්න