කුඩා-මධ්‍ය ව්‍යාපාර නංවන LEAP ශ්‍රී ලංකා | දිනමිණ

කුඩා-මධ්‍ය ව්‍යාපාර නංවන LEAP ශ්‍රී ලංකා

‘LEAP ශ්‍රී ලංකා’ කලාපීය තොරතුරු තාක්ෂණ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහනෙහි සමාරම්භක වැඩමුළුව පසුගිය දා මහනුවර ටොපාස් හෝටලයේ දී සාර්ථකව නිමා කරන ලදි. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් සංවිධාන කරන ලද මේ වැඩසටහන් මාලාව සඳහා තාක්ෂණ සමාගම් විශාල ප්‍රමාණයක් සහභාගි විය. නේවාසික තෙදින වැඩමුළුවක් වූ මේ වැඩසටහන අවසන් වූයේ අති විශාල සාර්ථකත්වයක් සනිටුහන් කරමිනි.

කලාපීය වශයෙන් ව්‍යාප්තව සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම සහ ඒවා විධිමත් කිරීම උදෙසා Learn (ඉගෙන ගන්න) , Engage (සබඳතා ගොඩනඟමින් ව්‍යාපාරයේ නියැළෙන්න) Aim (අරමුණු ඇති කර ගන්න), Prosper (සිහිනයන් සඵල කර ගන්න) යන නිර්නායකයන් හතරක් මත පදනම්ව LEAP වැඩසටහන ආරම්භ කරන ලදි. මේ වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වනුයේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය තුළින් රටෙහි අපනයන වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ප්‍රාදේශීය මට්ටමේ තාක්‍ෂණ සමාගම් සඳහා ලබා දීමයි.

 

නව අදහස දක්වන්න