ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව මධ්‍යම පළාතට | දිනමිණ

ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව මධ්‍යම පළාතට

ප්‍රින්ස් ගුණසේකර

ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව මධ්‍යම පළාත දිනා ගත්තේය. බදුල්ල ක්‍රීඩාංගණයේ පැවැති නෙට්බෝල් අවසන් තරගයේදී මධ්‍යම පළාත ලකුණු 65-32කින් බස්නාහිර පළාත පරාජය කොට රන් පදක්කම දිනා ගත්තේය. තරගයේ මුල සිටම මධ්‍යම පළාත ඉදිරියෙන් සිටි අතර ජාතික නෙට්බෝල් පිලේ ක්‍රීඩිකාවන් බහුතරයක් මධ්‍යම පළාත නියෝජනය කිරීමේ වාසිය හිමිව තිබිණි.

ජාතික පිලට ක්‍රීඩා කළ ගයනී දිසානායක, ගයාංජලී අමරවංශ, තිලිණි වත්තේගෙදර, සුරේකා කුමාරී, රුවිනි යටිගම්මන හා කනිෂ්ඨ පිලේ කවීනා රාජපක්ෂ මධ්‍යම පළාත් පිල නියෝජනය කළ අතර රිදී පදක්කම දිනාගත් බස්නාහිර පළාත් පිලට ජාතික නෙට්බෝල් කණ්ඩායමේ හසිතා මෙන්ඩිස් හා දුලංගා ධනංජී ඇතුළත් වූහ. තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය මධ්‍යම පළාතේ ගයාංජලී අමරවංශ දිනා ගත්තාය.

මේ තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් උතුරු පළාත65-63කින් පැරදවූ උතුරු මැද පළාත ලෝකඩ පදක්කම දිනා ගත්තේය. කෙසේ වුවද උතුරු පළාත් ක්‍රීඩිකාවෝ තරගාවලිය පුරාම විශිෂ්ට දස්කම් දැක්වීම කැපී පෙණුනි. උතුරු පළාත් නෙට්බෝල් පිලට ජාතික කණ්ඩායමේ ඒලියන්තිනී සේතුකාවලන් ක්‍රීඩා කළ අතර ටී. අභීතාගේ දක්ෂතා කැපී පෙණුනි.

අවසන් පූර්ව වටයේදී මධ්‍යම පළාත වෙතින් ලකුණු 74-29කින් උතුරු මැද පිල පරාජය වූ අතර, බස්නාහිර වෙතින් ලකුණු 56-51කින් උතුරු පළාත් පිල පරාජය විය. අර්ධ අවසන් පූර්ව වටයේදී උතුරු මැද වෙතින් ලකුණු 59-39ක් ලෙස වයඹ පළාත හා උතුරු පළාත ලකුණු 55-53කින් දකුණු පළාත පරාජයට පත් කළේය.

 

නව අදහස දක්වන්න