විපත්මඟ සැලැස්ම අහසේ මාලිගා තැනීමක් | දිනමිණ

විපත්මඟ සැලැස්ම අහසේ මාලිගා තැනීමක්

ඉකුත් ඉරිදා නිකුත් වූ ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික සැලැස්ම පුස්සක් යැයි ද එහි අභිලාෂයන් රැසක් දක්වා ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි කුණු බක්කියට වැටෙන එකක් යැයි ද මුදල් ඇමැති මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සැලැස්මක් යනු අරමුණ අත්පත් කරගන්නා ආකාරය දැක්වෙන මාර්ගෝපදේශනයක් විය යුතු නමුත් මෙම ස්ලයිඩ්ස්වල සිහින ගොඩක් ඇතත්, ප්‍රායෝගිකව සිදුකළ ඒවා ඇත්තේ ඉතාම අල්පයකි. මෙය වඩාත් සුදුසු වන්නේ අහසේ මාලිගා තැනීමටයි. අනිත් අතට එය විනාශයේ සැලැස්මකි.

වැරැදි ආකාරයෙන් වඩාත් සංවේදී විෂන් 2025 ක්‍රමෝපායට පිටුපා යමින් විෂ සහිත රාජපක්ෂ මතවාද අනුව සැකැසී ඇති මෙය ශ්‍රී ලංකාවේ විපත් මඟ ලෙස හැඳින්විය හැකි අතර එය ශෝකයට මාර්ගය වන අතර එය ණය බරින් පිරුණු, මිතුරන් අතර ධනවාදයක් ගෙන එනු ඇති. ඒ නිසා ‍මේ සැලැස්ම විපත් මඟ ලෙස හැඳින් විය හැකියි. මූල්‍ය අක්‍රමිකතා සඳහා චෝදනාවට ලක් වූ අයකු විසින් මේ යෝජනාවලි සඳහා නායකත්වය ලබාදීම විශාල ප්‍රශ්නයක්. මේ වගේ තත්ත්වයක් තුළ කර්මාන්තවල ප්‍රමුඛයන් ගෝඨාභයගේ කතාවලට උනන්දුවෙන් සවන් දීම මට පුදුමයක් ඇති කළා යැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න