වෙන්නප්පුවේ පාසල් බස්-වෑන් පරීක්ෂාවක් | දිනමිණ

වෙන්නප්පුවේ පාසල් බස්-වෑන් පරීක්ෂාවක්

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩසටහන යටතේ වෙන්නප්පුව ප්‍රදේශයේ එවැනි බස් සහ වෑන් රථ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණි.

බස්රථ හා වෑන්රථ වලින් ගමන් ගන්නා පාසල් ළමුන්ට ගුණාත්මක හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි .

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ රථ වාහන පරීක්ෂක සාගල බාලසූරිය මහතාගේ මෙහෙයවීම මගින් රථවාහන පාසල් බස්රථ සහ වෑන් රථ 95 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් වාහන 09 කට තහනම් නියෝග නිකුත් කැරිණි. මෙහිදී තවත් බස් රථ හා වෑන් රථ 29 කට අඩුපාඩු සපුරා සතියක් ඇතුළත වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයට පෙන්වීමට නියෝග කෙරිණි.

මෙම පරීක්ෂා කිරීම් වැඩ වැඩසටහනට වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නෙල්සන් පීරිස් පොලිස් කොස්තාපල් 83069 දිසානායක යන නිලධාරීහු සහභාගි වූහ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

නව අදහස දක්වන්න